Ratings1
Average rating3.5
තම අවසාන කතා සංග්‍රහය වන "පස් වසරක් කරා එන විට තිලකසේන ඔහුටම අනන්‍ය වූ ප්‍රතිනිර්මාණ වේදයක් ගොඩනගමින් සිටින බව පෙනෙනවා. එය යථාර්ථවාදයේම වෙනස් මාදිලියක්. මිනිස් සිත් සතන් දෙස සහ කේවල මිනිසුන්ගේ හැසිරීම් රටා දෙස අන්වීක්ෂයක් හරහා බලන්නාක් මෙන් එදිනෙදා යථාර්ථය විශාලනය කොට පාඨකයා වෙත රැගෙන ඒමයි මෙහිදී සිදුවන්නේ. මෙය සාමාන්‍යයෙන් අප දන්නා යථාර්ථවාදී රීතියේ එන දර්පන කාර්යයට වඩා වෙනස් වූ ඉන් එහා ගිය කාර්යයක්. එය එක්තරා විදියක අන්වීක්ෂීය යථාර්ථවාදයක්". තිලකසේන සිය කෙටි කතා තුළ මිනිසාගේ එදිනෙදා හැසිරීම් වල, සිතිවිලි රටාවල අන්වීක්ෂීය ප්‍රතිරූපණයක් ගොඩනගනවා. එනම්, සාමාන්‍යයෙන් අපගේ අවධානයට හසු නොවන ඉතා සුලු සිද්ධි හා චරිත කතාවට ඇඳ ගැනීම, පොදුවේ කියවන්නන් විසින් හෝ නිර්මාණ ශිල්පීන් විසින් වැදගත් කොට නොතකන එදිනෙදා ඉරියව්, හැසිරීම් රටා එලෙසින්ම කතාවට ගැනීම, එදිනෙදා අප පවසන දෙබස් වැනි දැ එලෙසින්ම නිර්මාණය තුළට රැගෙන ඒම, ඉතා සියුම් සිතිවිලි මාත්‍රා චරිත තුළ ඇඳ දැක්වීම ආදිය මෙහිදී ප්‍රමුඛ වනවා. මේ ලක්ෂණ නිරීක්ෂණය කරන ฮอ සිතෙන්නේ තිලකසේනගේ ප්‍රතිනිර්මාණවාදය හා සසඳන විට යථාර්ථවාදය පවා එතරම් යථාර්ථවාදී නොවන බවක්.
Reviews with the most likes.
There are no reviews for this book. Add yours and it'll show up right here!